ශ්‍රී ලංකාවේ ධනවතුන් තව ධනවත් වෙයි.. දුප්පතුන් තව දුප්පත් වෙයි..- IPS
ආසන්න කාලය තුළ මෙරට සාමාන්‍ය පවුල්වල මුදල්මය ආදායම සංඛ්‍යාත්මකව ඉහළ ගොස් තිබුණ ද, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සැබෑ හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) පෙන්වා
ආසන්න කාලය තුළ මෙරට සාමාන්‍ය පවුල්වල මුදල්මය ආදායම සංඛ්‍යාත්මකව ඉහළ ගොස් තිබුණ ද, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සැබෑ හැකියාව සැලකිය යුතු ලෙස පහත වැටීම හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බව ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (IPS) පෙන්වා දෙයි.
මේ හේතුවෙන් දිළිඳු ජනතාව තවදුරටත් ආර්ථික අගාධයට ඇද වැටෙද්දී ධනවතුන්ගේ ආදායම් තවදුරටත් ඉහළ ගොස් සමාජ විෂමතාව උග්‍ර වී ඇති බව එම ආයතනය අනාවරණය කරයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ 2025 ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේ මූලික දත්ත විශ්ලේෂණය කරමින්, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂකයෙකු වන ආචාර්ය පුලස්ති අමරසිංහ මහතා මෙම කරුණු පෙන්වා දී තිබේ.
එම වාර්තාවට අනුව, 2016 වසරේදී රුපියල් 62,237ක් වූ මෙරට සාමාන්‍ය මාසික ගෘහස්ථ ආදායම 2025 මුල් භාගය වන විට රුපියල් 120,266ක් දක්වා සියයට 93ක නාමික වර්ධනයක් පෙන්නුම් කරයි. එහෙත් පසුගිය වසර කිහිපය තුළ පැවති දැඩි උද්ධමනය හමුවේ මුදලේ සැබෑ අගය සැසඳීමේදී ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ ගොස් නොමැත.
උද්ධමනයට ගැලපූ විට, 2016 වසරේදී රුපියල් 43,511ක් ලෙස පැවති සැබෑ මධ්‍යස්ථ මාසික ගෘහ ආදායම, 2025 වන විට රුපියල් 41,623ක් දක්වා සියයට 4.3කින් පහත වැටී ඇත. 2016 සහ 2019 අතර කාලසීමාවේදී සැබෑ මධ්‍යස්ථ ආදායම සියයට 7.6කින් වර්ධනය වෙමින් සුබවාදී ප්‍රවණතාවක් පෙන්නුම් කළ ද, 2019 මට්ටමට සාපේක්ෂව 2025 මුල් භාගය වන විට එම ආදායම සියයට 11.1කින් අහිමි වී ගොස් තිබීම විශේෂත්වයකි.
ආර්ථික අර්බුදයේ බලපෑම සමාජයේ සියලු ස්ථරයන්ට එක හා සමානව බලපා නොමැති බව පෙන්වා දෙන ආචාර්ය අමරසිංහ මහතා, දිළිඳු ජනතාවගේ සැබෑ ආදායම් ශීඝ්‍රයෙන් කඩා වැටෙද්දී ඉහළම ධනවත් සියයට 20ක ස්ථරයේ ආදායම් වර්ධනය පහළ ස්ථරවලට සාපේක්ෂව 11 ගුණයක සිට 15 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් කරයි. මේ හේතුවෙන් ජාතික මට්ටමේ සාමාන්‍ය දර්ශක මඟින් රටේ පවතින සැබෑ බිම් මට්ටමේ ආර්ථික පීඩනය වසං වන බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම අසමතුලිත ආර්ථික පසුබිම මත, 2025 වන විට මෙරට දිළිඳුතා අනුපාතය යළිත් සියයට 16ක ඉහළ අගයක් ගනු ඇතැයි ගණන් බලා තිබේ. සාර්ව ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහ රටේ ගෘහස්ථ ආදායම සාමාන්‍ය අතට හැරීම යනු එකක් නොව දෙකක් බව මෙයින් පැහැදිලි වන බවත්, ආර්ථිකය ස්ථාවර වුව ද සාමාන්‍ය පවුල්වල ආදායම් තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති බවත් එම වාර්තාව අවධාරණය කරයි.
Rising Income Fails to Alleviate Economic Pressure on Sri Lankan Households
Despite a quantitative increase in income for the average household in Sri Lanka, many are grappling with significant economic pressure, largely due to a sharp decline in their purchasing power, as highlighted by the Institute of Policy Studies (IPS).
This ongoing situation reveals a growing divide, with vulnerable populations continuing to sink deeper into economic distress, while the wealthiest are witnessing an uptick in their earnings, resulting in exacerbated social inequality.
Dr. Pulasti Amarasinghe, a researcher at IPS, provided insights after analyzing preliminary data from the 2025 Household Income and Expenditure Survey released by the Department of Census and Statistics. According to the findings, the average monthly household income, which stood at 62,237 rupees in 2016, is projected to increase to 120,266 rupees by the early part of 2025, marking a nominal growth of 93 percent. However, when factoring in the intense inflation of recent years, there has been no real enhancement in the living standards of the populace.
In real terms, the average monthly household income recorded in 2016 was 43,511 rupees, but is expected to decline by 4.3 percent to 41,623 rupees by 2025. Notably, while this income had shown a positive trend, growing by 7.6 percent between 2016 and 2019, it has now been projected to fall by 11.1 percent relative to the 2019 levels by 2025.
Dr. Amarasinghe pointed out that the impact of the economic crisis has not affected all societal strata equally. He noted that while the real incomes of the poorest segments have plummeted, earnings among the top 20 percent have surged, with growth rates soaring between eleven to fifteen times that of lower-income groups. This disparity indicates a troubling trend, confirming that the broader economic indicators do not necessarily reflect the severe reality faced by many households across the nation.
Against this backdrop of uneven economic recovery, projections suggest that the poverty rate in Sri Lanka could rise to a troubling 16 percent by 2025. The data underscores a crucial distinction: while the overall economy may stabilize, the economic recovery for average households remains elusive, as reiterated by the report's findings.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
