සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
ව්‍යාපාර විනාඩි 10 ක කියවීමක්

අයවැයෙන් සහන රැසක්.. සම්පූර්ණ අයවැය මෙන්න..

News Sri Lanka 24 2026 ඉල් 12
අයවැයෙන් සහන රැසක්.. සම්පූර්ණ අයවැය මෙන්න..

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි.  ආර්ථික ස්ථායීකරණ අදියරේ සිට පරිවර්තනීය ආර්ථික වර්

SPONSORED


මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද වත්මන් රජයේ තෙවන අයවැය ලේඛනය අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත් කෙරිණි. 

ආර්ථික ස්ථායීකරණ අදියරේ සිට පරිවර්තනීය ආර්ථික වර්ධන යුගයක් කරා රට මෙහෙයවීම මූලික අරමුණ කරගත් මෙම අයවැය මඟින් රාජ්‍ය සේවක දීමනා ඉහළ නැංවීම, බදු ලිහිල් කිරීම් මෙන්ම සංවර්ධන ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිපාදන වෙන් කර ඇත.

ප්‍රධාන බදු සංශෝධන සහ ජනතාවට සහන

උපයන විට බදු නිදහස් සීමාව ඉහළට: මෙතෙක් පැවති මසකට රුපියල් 150,000ක බදු නිදහස් සීමාව රුපියල් 162,500 දක්වා ඉහළ නංවා ඇති අතර, ඒ අනුව මසකට රුපියල් 162,500ක් දක්වා වැටුප් හා දීමනා ලබන්නන් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. උපරිම බදු අනුපාතය අදාළ වන සීමාව රු. 358,000 සිට රු. 433,000 දක්වා පුළුල් කර ඇත.

පොත්පත් සහ අභ්‍යාස පොත් වැට් (VAT) බද්දෙන් නිදහස්: අධ්‍යාපන ක්ෂේත්‍රය දිරිගන්වමින් පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර කථා සහ අභ්‍යාස පොත් මත පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු පහළට: පාරිභෝගික ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් ආනයනික හාල්මැස්සන් (කිලෝවකට රු. 10 දක්වා), උම්බලකඩ (කිලෝවකට රු. 10 දක්වා) සහ වියළි මිරිස් (කිලෝවකට රු. 50කින්) මත පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද (SCL) පහත හෙළා ඇත. දේශීය කර්මාන්තය සුරැකීම සඳහා ආනයනික සීනි මත බද්ද කිලෝවකට රු. 10කින් ඉහළ දමා තිබේ.

රාජ්‍ය සේවය, විශ්‍රාම වැටුප් සහ දීමනා ඉහළට

විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනාව: නිල රාජකාරි සඳහා පෞද්ගලික වාහන භාවිත කරන විධායක නිලධාරීන්ගේ මාසික ප්‍රවාහන දීමනාව රුපියල් 50,000 සිට රුපියල් 100,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇත. පෞද්ගලික විදුලි වාහන භාවිත කරන නිලධාරීන්ගේ දීමනාව 150%කින් ඉහළ නංවා ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා: වෛද්‍යවරුන්ගේ DAT දීමනාව රුපියල් 25,000කින් (රු. 70,000 සිට රු. 95,000 දක්වා) ඉහළ නංවා ඇති අතර, හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය නිලධාරීන්ගේ විශේෂ රාජකාරි දීමනාව රුපියල් 6,000 සිට 12,000 දක්වාත්, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල දීමනාව රුපියල් 2,000 සිට 4,000 දක්වාත් ඉහළ දමා ඇත. (මෙම වැඩිවීම්වලින් 50%ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 2028 දී ද ගෙවනු ලැබේ).

ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගමන් සහ කාර්යාල දීමනා: ග්‍රාම නිලධාරීන්ගේ මාසික ගමන් වියදම් දීමනාව රු. 4,000 දක්වාත්, නගර සභා/ප්‍රාදේශීය සභා සීමාවල කාර්යාල කුලී දීමනා පිළිවෙළින් රු. 6,000 සහ රු. 4,000 දක්වාත් වැඩි කර ඇත. සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ සහකාර සහ සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා ද ඉහළ නංවා ඇත.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ බන්ධනාගාර දීමනා: ත්‍රිවිධ හමුදාවේ දෛනික සලාක දීමනාව නිලධාරීන් සඳහා රු. 315කින් සහ සෙසු නිලයන් සඳහා රු. 332කින් ඉහළ දමා ඇත. පොලිස් නිලධාරීන්ගේ මාසික ආහාර හා නවාතැන් දීමනාව රුපියල් 10,000කින් වැඩි වන අතර බන්ධනාගාර නිලධාරීන්ගේ මාසික අවදානම් දීමනාව රුපියල් 8,000 සිට 16,000 දක්වා 100%කින් ඉහළ නංවා තිබේ.

විශ්‍රාමිකයන්ට අතුරු දීමනාවක්: 2020 - 2024 අතර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහය යටතේ සංශෝධනය ක්‍රියාත්මක වන තෙක් 2027 ජූලි 01 සිට මාසිකව රුපියල් 2,500ක අතුරු දීමනාවක් හිමි වේ.

අධ්‍යාපන හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ

අස්වැසුම සහ රෝගී දීමනා: දුප්පත්කම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක 'අස්වැසුම' ඇතුළු සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා රුපියල් බිලියන 230ක් වෙන් කර ඇති අතර, වකුගඩු සහ ආබාධිත පුද්ගලයන්ගේ මාසික දීමනාව රුපියල් 10,000 සිට 12,500 දක්වා රුපියල් 2,500කින් ඉහළ නංවා ඇත.

ගුරු පුහුණු සහ ශිෂ්‍ය දීමනා: විද්‍යාපීඨ ගුරු ශික්ෂණලාභීන්ගේ මාසික දීමනාව රුපියල් 10,500 සිට රුපියල් 20,000 දක්වා වැඩි කර තිබේ. පිරිවෙන්වල භික්ෂු ශිෂ්‍ය දෛනික දීමනාව රුපියල් 50 දක්වා ද, ගිහි සිසුන්ගේ දීමනාව රුපියල් 25 දක්වා ද, දහම් පාසල් ගුරු වාර්ෂික දීමනාව රුපියල් 12,500 දක්වා ද ඉහළ නංවා ඇත.

පාසල් ඩිජිටල්කරණය: පළාත් සභා පාසල් ඇතුළු පාසල් පද්ධතිය ඩිජිටල්කරණයට, ගුරු ධාරිතා වර්ධනයට හා යටිතල පහසුකම් සඳහා රුපියල් මිලියන 35,000ක් වෙන් කර තිබේ.

මහා පරිමාණ සංවර්ධන හා යටිතල පහසුකම් ව්‍යාපෘති

දුම්රිය විදුත්කරණය සහ ප්‍රවාහනය: කොළඹ තදාසන්න දුම්රිය මාර්ග තුනක් (කැලණිවැලි, ප්‍රධාන මාර්ගය සහ මුහුදුබඩ මාර්ගය) විදුත්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 80,000ක් වෙන් කර ඇත. කඳුකර හා දුෂ්කර මාර්ග සඳහා කුඩා බස් රථ 250ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් ද, නව දුම්රිය 5ක් මිලදී ගැනීමට රුපියල් මිලියන 5,000ක් ද වෙන් කෙරේ.

අධිවේගී මාර්ග: මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල - ගලේවෙල කොටස සඳහා රුපියල් මිලියන 30,000ක් ද, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව - ඉංගිරිය කොටස සඳහා රුපියල් මිලියන 27,000ක් ද, කඩවත - මීරිගම කොටස නිම කිරීමට රුපියල් මිලියන 53,450ක් ද වෙන් කර තිබේ.

ජල සම්පාදනය සහ නිවාස: පිරිසිදු පානීය ජල සම්පාදනය වෙනුවෙන් රුපියල් බිලියන 77ක් වෙන් කර ඇති අතර, අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සඳහා ලබා දෙන ආධාරය රුපියල් ලක්ෂ 10 සිට 15 දක්වා වැඩි කරමින් 'තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්' වැඩසටහනට රුපියල් මිලියන 15,000ක් යොදවා ඇත. උතුරු-නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000 නැවත පදිංචි කිරීමේ වසර දෙකක සැලැස්ම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබේ.

කෘෂිකාර්මික හා බලශක්ති නවෝත්පාදන

පොහොර සහනාධාරය: වී වගාව මෙන්ම කුඹුරුවල වගා කරන අනෙකුත් ක්ෂේත්‍ර බෝග සඳහා ද හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරය අඛණ්ඩව ලබා දීමට රුපියල් මිලියන 44,000ක් වෙන් කර ඇත.

සූර්ය බලශක්තිය හා හරිත ආර්ථිකය: සූර්ය බලශක්තිය ගබඩා කරන බැටරි සහිත පද්ධති ස්ථාපනය කරන ගෘහස්ථ පාරිභෝගිකයන්ට කිලෝවොට් එකකට රු. 25,000 බැගින් (උපරිමය රු. 250,000 දක්වා) සහනාධාර ලබා දීමට රුපියල් මිලියන 3,500ක් වෙන් කර ඇති අතර, සූර්ය බලශක්ති බැටරි සඳහා පනවා තිබූ වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බද්ද (PAL) ඉවත් කිරීමට යෝජනා කර ඇත.





Sri Lanka's Finance Minister Unveils Government's Third Budget Aimed at Economic Recovery

The Third Budget of the current government, presented by President Anura Kumara Dissanayake in his capacity as Finance Minister, was unveiled in Parliament today. The budget outlines a strategic shift from economic stabilization to a transformative growth phase, with a focus on enhancing public sector salaries, tax relief, and substantial allocations for various development sectors.

Key tax reforms and relief for citizens are prominent features of this budget.

Tax relief threshold raised: The existing tax-free income limit has been increased from Rs. 150,000 to Rs. 162,500 per month. Consequently, individuals earning up to this amount will be completely exempt from income tax. The maximum tax rate threshold has been expanded from Rs. 358,000 to Rs. 433,000.

VAT exemption on educational materials: In a move to support the education sector, Value Added Tax (VAT) on textbooks, dictionaries, encyclopedias, children's storybooks, and exercise books has been entirely removed.

Reduction in essential food item taxes: To alleviate the financial burden on consumers, the Special Commodity Levy on imported rice (-Rs. 10 per kilo), flour (-Rs. 10 per kilo), and dried chili (-Rs. 50 per kilo) has been decreased. However, to protect local industries, the tax on imported sugar has been increased by Rs. 10 per kilo.

Increases in public sector wages, pensions, and allowances are part of the budget strategy.

Transportation allowance for executive officers: The monthly transportation allowance for executive personnel utilizing private vehicles for official duties has been doubled from Rs. 50,000 to Rs. 100,000. Additionally, the allowance for officials using electric vehicles has been raised by 150%.

Healthcare sector allowances: The Daily Allowance for medical professionals has been increased by Rs. 25,000, now ranging from Rs. 70,000 to Rs. 95,000. Special duty allowances for nurses and allied health professionals have been raised from Rs. 6,000 to Rs. 12,000, while allowances for other health staff have seen increments from Rs. 2,000 to Rs. 4,000. Notably, 50% of these increases are set to be disbursed starting July 2027, with the remaining in 2028.

Travel and office allowances for field officers: Monthly travel allowances for village officers are being increased to Rs. 4,000, along with office rental allowances for urban and local council officials rising to Rs. 6,000 and Rs. 4,000 respectively. Development, agricultural research assistants, and prosperity officers will also see their allowances enhanced.

Military, police, and prison officer allowances: The daily allowance for military personnel has been increased to Rs. 315 for officers and Rs. 332 for other ranks. Police officers will see a monthly increase of Rs. 10,000 for food and accommodation allowances, while the risk allowance for prison officers has been adjusted from Rs. 8,000 to Rs. 16,000, marking a 100% increase.

A special interim allowance for retirees: Public servants retiring between 2020 and 2024 will receive a monthly interim allowance of Rs. 2,500 from July 1, 2027, until the implementation of a new salary structure.

Education and social protection initiatives

Support for the needy: Rs. 230 billion has been earmarked for the social security programs designed to combat poverty, including monthly allowances for kidney disease patients and individuals with disabilities, which are set to increase from Rs. 10,000 to Rs. 12,500.

Training and student allowances: The monthly stipend for teacher trainees at universities has been enhanced from Rs. 10,500 to Rs. 20,000. Daily allowances for monk students will be raised to Rs. 50, and student allowances will increase to Rs. 25, while annual allowances for Dhamma school teachers now stand at Rs. 12,500.

Digitization of schools: A budget of Rs. 35 billion has been allocated for the digitization of the school system, including provincial council schools, to improve teacher capacity and infrastructure.

Major development and infrastructure projects

Rail electrification and transportation: A significant budget allocation of Rs. 80 billion has been set aside for the electrification of three main railway lines around Colombo, including the Kelani Valley Line, the Main Line, and the Coastal Line. Additionally, Rs. 5 billion is designated for acquiring 250 small buses for hilly and challenging routes, with another Rs. 5 billion for purchasing five new trains.

Expressways: Rs. 30 billion has been allocated for the Kurunegala-Galewela section of the Central Expressway, Rs. 27 billion for the Kahathuduwa-Ingiriya section of the Ruwanpura Expressway, and Rs. 53.45 billion to complete the Kadawatha-Mirigama section.

Water supply and housing: A provision of Rs. 77 billion has been made for the supply of clean drinking water, while assistance for housing for low-income beneficiaries has been increased from Rs. 10 million to Rs. 15 million under the "Own Space - Beautiful Life" program, amounting to Rs. 15 billion. Additionally, Rs. 10 billion has been allocated to support the resettlement of 13,000 families affected by the Northern-Eastern conflict over the next two years.

Agricultural and energy innovations

Fertilizer subsidies: An allocation of Rs. 44 billion is established to continuously provide a fertilizer subsidy of Rs. 30,000 per hectare for paddy and other crops.

Solar energy and green economy: Rs. 3.5 billion is set aside to offer assistance of Rs. 25,000 per kilowatt (up to a maximum of Rs. 250,000) to residential customers installing solar energy systems with batteries. Plans are in place to remove the port and airport development tax (PAL) imposed on solar energy batteries.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED