සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
ව්‍යාපාර විනාඩි 2 ක කියවීමක්

අයවැය කියන්නේ සල්ලි බෙදාගෙන බෙදාගෙන යාමක් නොවෙයි..

News Sri Lanka 24 2026 ඉල් 12
අයවැය කියන්නේ සල්ලි බෙදාගෙන බෙදාගෙන යාමක් නොවෙයි..

 අයවැයක් යනු රජයේ ආදායම් බෙදාහැරීමේ ක්‍රියාවලියක් පමණක් නොවන බවත්, සැබවින්ම සහන ලැබිය යුතු පීඩිත ජන කොටස් ඉලක්ක කර ගනිමින් සහන සලසන අතරම රටේ ආර්ථික පරිවර්තනය උදෙසා වන ශක්තිමත් පදනම මෙවර අයවැය මඟින් සකස් කර ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මු

SPONSORED


 අයවැයක් යනු රජයේ ආදායම් බෙදාහැරීමේ ක්‍රියාවලියක් පමණක් නොවන බවත්, සැබවින්ම සහන ලැබිය යුතු පීඩිත ජන කොටස් ඉලක්ක කර ගනිමින් සහන සලසන අතරම රටේ ආර්ථික පරිවර්තනය උදෙසා වන ශක්තිමත් පදනම මෙවර අයවැය මඟින් සකස් කර ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සාම්ප්‍රදායික අයවැය ලේඛන පිළිබඳ ජනතාව තුළ පවතින ආකල්පය සහ වත්මන් රජයේ ප්‍රතිපත්තිමය ප්‍රවේශය අතර වෙනස පැහැදිලි කරමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"අතීතයේ සිටම අයවැයක් දෙස බලද්දී බොහෝ දෙනා බලාපොරොත්තු වුණේ සහ දැක්කේ ආණ්ඩුව උපයන ආදායම විවිධ පැතිවලට බෙදලා දෙන ආකාරය පමණයි. නමුත් අයවැයක් කියන්නේ හුදෙක් ආදායම් බෙදාහැරීමක් සිදු කරන ලියවිල්ලක් නොවේ. මෙවර අයවැය තුළින් අප පැහැදිලිවම පෙන්වා දුන්නේ, සැබවින්ම රැකවරණය සහ සහන ලැබිය යුතු ඉලක්කගත ජන කණ්ඩායම් වෙත එම සහන නිසි ලෙස ලබාදෙන අතරතුර, රටේ නිෂ්පාදන ආර්ථිකය හා දීර්ඝකාලීන ආර්ථික පරිවර්තනය උදෙසා අවශ්‍ය ස්ථාවර පදනම ගොඩනඟන්නේ කෙසේද යන්නයි."





Budget Aims to Transform Economy While Supporting Vulnerable Populations, Says Minister

The recently presented budget is not merely a framework for government revenue allocation; it serves as a robust foundation aimed at transforming the country’s economy while directly supporting vulnerable communities, emphasized Minister of Labour and Deputy Minister of Finance and Planning Anil Jayathilaka.

In a special statement to the media, the Deputy Minister highlighted the critical role of this budget in delivering targeted assistance to those in need.

He delineated the differences between traditional perceptions of budget documents and the current government's policy approach, stating that the outlook on budgets has often been limited to how government revenue is distributed across various sectors. “Historically, many have viewed the budget primarily as a document that outlines the government's revenue allocation. However, a budget is far more than just a distribution of income. This year’s budget distinctly illustrates how we can properly allocate assistance to the targeted groups that require protection and support, while simultaneously establishing a stable foundation for the country’s productive economy and fostering long-term economic transformation,” he asserted.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED