මෙවර අයවැය එකගතාවලින් පිට...?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් නොවී සකස් කළ අයවැයක් ලෙස මෙවර අයවැය හඳුන්වා දිය හැකි වුව ද, ඉහළ ගොස් ඇති ජීවන වියදම පහත හෙළීමට හෝ සමස්ත ආර්ථිකය ඉදිරියට ගෙන යාමට හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙවර අයවැය තුළ දක්නට නොමැති බව හි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත් නොවී සකස් කළ අයවැයක් ලෙස මෙවර අයවැය හඳුන්වා දිය හැකි වුව ද, ඉහළ ගොස් ඇති ජීවන වියදම පහත හෙළීමට හෝ සමස්ත ආර්ථිකය ඉදිරියට ගෙන යාමට හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් මෙවර අයවැය තුළ දක්නට නොමැති බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2027 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක මහතා පෙන්වා දුන්නේ, වර්තමානය වන විට රටේ උද්ධමනය සියයට 8.3ක් වැනි ඉහළ අගයක පවතින පසුබිමක, මහජනතාව මුහුණ දෙන ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම සඳහා අයවැය ලේඛනයෙන් කිසිදු ඍජු විසඳුමක් හෝ මාර්ගයක් ඉදිරිපත් කර නොමැති බවයි.
"මේක පළවෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තුළ වැඩ කරන්නේ නැති අයවැයක් හැටියට දකින්න පුළුවන්. හැබැයි මේ අයවැය හරහා ජනතාවගේ ජීවන වියදම අඩු කරන්න ගත් ක්‍රියාමාර්ග මොනවාද කියලා මට නම් පෙනෙන්න නැහැ.
විශේෂයෙන්ම අද වන විට උද්ධමනය සියයට 8.3ක් දක්වා ඉහළ ගිහින් තියෙන වාතාවරණයක, ඒ සඳහා ඍජු පිළිතුරක් මෙහි අන්තර්ගත වෙලා නැහැ. ඒ වගේම සමස්තයක් වශයෙන් ගත්තාම රටේ ආර්ථිකය නිශ්චිත ඉලක්කයක් කරා ඉදිරියට ගෙනියන්න පුළුවන් පැහැදිලි මාවතක් මේ අයවැය තුළින් දැකගන්න ලැබෙන්නේ නැහැ" යනුවෙන් ද හෙතෙම අවධාරණය කර සිටියේය.
Former Finance Minister Critiques 2027 Budget for Lack of Practical Solutions
The recently introduced budget could be perceived as a departure from the stringent conditions of the International Monetary Fund, but it falls short of providing tangible measures to alleviate the rising cost of living or advance the overall economy, former Finance Minister and Member of Parliament Ravi Karunanayake stated.
Speaking to the media regarding the budget proposal for 2027, presented to Parliament by President Anura Kumara Disanayake, Karunanayake voiced his concerns.
With inflation currently hovering at a notable 8.3 percent, he highlighted that the budget does not outline any direct solutions or pathways to ease the financial burden on the public.
"This is the first budget we can view as operating outside the parameters set by the International Monetary Fund. However, I fail to see any measures within this budget aimed at reducing the cost of living for the people," he emphasized.
Amidst an environment where inflation stands at a high 8.3 percent, he reiterated that no comprehensive responses are included in the budget. Moreover, he noted that there is a lack of clear strategies within the budget that would effectively drive the country’s economy towards definitive targets.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
