සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 2 ක කියවීමක්

සියළු ආගමික දේශනාවලදී මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක ගැන කියන්න..- වටගල

News Sri Lanka 24 2026 ඉල් 10
සියළු ආගමික දේශනාවලදී මත්ද්‍රව්‍ය භාවිතයේ විපාක ගැන කියන්න..- වටගල

 හත් දවසේ දානමය පිංකම්වල ධර්ම දේශනා ඇතුළු ඕනෑම ආගමික දේශනාවකදී අවම වශයෙන් විනාඩි පහක පමණ කාලයක් හෝ මත්ද්‍රව්‍ය භාවිතයේ පවතින බරපතළ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීමට වෙන් කරන ලෙස නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු

SPONSORED


 හත් දවසේ දානමය පිංකම්වල ධර්ම දේශනා ඇතුළු ඕනෑම ආගමික දේශනාවකදී අවම වශයෙන් විනාඩි පහක පමණ කාලයක් හෝ මත්ද්‍රව්‍ය භාවිතයේ පවතින බරපතළ ආදීනව පිළිබඳව සමාජය දැනුවත් කිරීමට වෙන් කරන ලෙස නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පූජ්‍ය මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියි.

වටගල මහතා සඳහන් කළේ, වර්තමානයේ රට හමුවේ පවතින ප්‍රමුඛතම සමාජ ව්‍යසනයක් වන මත් උවදුර මැඩපැවැත්වීම සඳහා නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව ආගමික නායකයන්ගේ සෘජු ආධ්‍යාත්මික මැදිහත්වීම ද අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

"තමන් වහන්සේලා සිදුකරන ධර්ම දේශනා ඇතුළේ මත්ද්‍රව්‍යවල ආදීනව පිළිබඳව ජනතාවට නිරන්තරයෙන් පහදා දෙන්න. විශේෂයෙන් හත් දවසේ බණකට සහභාගි වන අවස්ථාවකදී හෝ වෙනත් ඕනෑම ආගමික දේශනාවකදී අවම වශයෙන් විනාඩි පහක කාලයක්වත් මේ මත්ද්‍රව්‍යවලින් සිදුවන ජීවිත හා පවුල් විනාශය ගැන කියාදීම ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු පූජකතුමන්ලාගේ කාලීන වගකීමක් බව අප සංවිධානය දැඩිව විශ්වාස කරනවා. අප ආගමික නායකයන්ගෙන් කරන්නේ ඒ කාරුණික ඉල්ලීමයි," යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.





Call for Religious Leaders to Address Drug Abuse During Sermons

In a significant appeal, Deputy Minister Sunil Watagala has urged religious leaders, including the revered Maha Sangha, to allocate at least five minutes during sermons to raise awareness about the severe impact of drug abuse on society. This request comes as part of a broader initiative to combat one of the country’s most pressing social crises.

Watagala emphasized that addressing the ongoing drug epidemic requires not only legal measures but also the direct spiritual intervention of religious figures. He highlighted the crucial role these leaders can play in educating the public about the devastating effects of substance abuse.

“We believe it is imperative for you to inform your congregations about the destruction caused by drugs, particularly during the Sunday sermons or any other religious discourse. Taking just five minutes to speak about the ruin brought by narcotics is a timely responsibility of the clergy,” he stated, underscoring the importance of this initiative. “This is a sincere request we extend to our religious leaders,” he added.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED