දොස්තරලා ගුටි කෙලියක.. බරපතල වූ දොස්තර කෙනෙක් රෝහලට...
කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති සාදයකදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිදුවූ ගුටිබැට හුවමාරුවකදී බරපතළ තුවාල ලද වෛද්‍යවරයකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක්
කළුතර නාගොඩ මහ රෝහලේ පැවැති සාදයකදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සිදුවූ ගුටිබැට හුවමාරුවකදී බරපතළ තුවාල ලද වෛද්‍යවරයකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
වෛද්‍යවරුන් හැදෑරු පාඨමාලාවක් නිම වීමේ සතුට භුක්ති විඳීම සඳහා වෛද්‍ය නිල නිවාසයක විශේෂඥ වෛද්‍යවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාදය පවත්වා ඇතැයි පැවැසේ.
මේ සඳහා වෛද්‍යවරුන් 15 දෙනකුට ආසන්න පිරිසක් සහභාගි වී ඇති අතර සාදයට මත්පැන්ද නොඅඩුව තිබී ඇතැයිද සඳහන්ය.
මෙම සාදය පසුගිය 9 වැනිදා රාත්‍රියේ සිට පසුදින (10 වැනිදා) උදෑසන දක්වාම පවත්වා තිබේ.
එම සාදයට සහභාගි වූ එක් වෛද්‍යවරයකු සාදවලදී පදම ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියන්ට නොයෙකුත් ලිංගික හිරිහැර කිරීම පුරුද්දක් කරගෙන ඇතැයි පැවැසෙන අතර කාට එලෙස සිදුකළත් තම බිරිඳට එසේ කිරීමට නොපැමිණෙන්නැයි පහර කෑ වෛද්‍යවරයා විසින් පැවැසීම නොඉවසූ පදම ඉක්මවා සිටි වෛද්‍යවරයා ඊට බැණ වැදී එම පහරදීම සිදුකර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
එම පහරදීමෙන් දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචි පෙර කී වෛද්‍යවරයාගේ දකුණ උරහිස් ප්‍රදේශයකට බරපතළ තුවාල සිදුව ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකෙරේ.
බිමල් ජයසිංහ - බණ්ඩාරගම
Serious Injury Reported Following Altercation at Kalutara Hospital Celebration
A severe incident unfolded at a celebration hosted at the Kalutara Nagoda Teaching Hospital, resulting in significant injuries to a doctor. The police from Kalutara South confirmed that the injuries occurred after a physical altercation between two medical professionals during the gathering.
The event, aimed at celebrating the completion of a medical course, was presided over by a specialist physician and attended by approximately 15 doctors. Reports indicate that alcohol consumption was prevalent during the event.
The festivities commenced on the night of September 9 and continued into the early hours of September 10.
Concerns have arisen regarding the conduct of one doctor, who allegedly engaged in inappropriate behavior towards several female colleagues after consuming excessive alcohol during the celebration. Eyewitness accounts suggest that another doctor confronted this individual, leading to the violent incident.
As a result of the altercation, the injured doctor, who hails from the Dodangoda area, sustained serious injuries to his shoulder and is currently receiving treatment, according to hospital sources.
In response to the incident, further investigations are underway under the guidance of the Deputy Inspector General of Police responsible for the Kalutara district.
— Bimal Jayasinghe, Bandaragama
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
