මාතරට ගංවතුරක් එනවා..
නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ගංගා නිම්නයේ පහත්බිම් රැසකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ අනුව ‘ඇම්බර්’ (Amber
නිල්වලා ගංගා ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ගංගා නිම්නයේ පහත්බිම් රැසකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව ‘ඇම්බර්’ (Amber) වර්ණයෙන් යුතු පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් නිකුත් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවත්වාගෙන යනු ලබන ගංගා ජල මාපකවල දත්ත සහ වර්තමාන වර්ෂාපතන තත්ත්වය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
ඒ අනුව නිල්වලා ගඟ පිටාර තැන්නට අයත් පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර අවදානම එල්ල වී තිබේ.
- අකුරැස්ස
- අතුරලිය
- මාලිම්බඩ
- කඹුරුපිටිය
- තිහගොඩ
- මාතර
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අදාළ ප්‍රදේශවල පදිංචි මහජනතාවට සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් ඇතුළු මාර්ග පරිශීලකයන්ට දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව තරයේ ඉල්ලා සිටියි.
Heavy Rainfall Raises Flood Risk in Nilwala River Basin
The Department of Irrigation has issued a warning regarding potential flooding in low-lying areas of the Nilwala River Basin due to excessive rainfall impacting the upper and mid-stream regions. They anticipate that light flood conditions may arise in several locations over the next 24 hours.
An amber alert for flood risks has been disseminated by the department's Hydrology and Disaster Management division, indicating the seriousness of the situation.
This alert follows an analysis of data from river gauging stations and current rainfall conditions conducted by the Irrigation Department.
Particularly at risk are the low-lying areas in the following Divisional Secretariat divisions under the Nilwala River:
- Akurassa
- Aturaliya
- Malimbada
- Kamburupitiya
- Tihagoda
- Matara
In light of these warnings, the Irrigation Department strongly urges residents of the affected areas, as well as travelers navigating through these regions, to exercise extreme caution and remain vigilant.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
