සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 3 ක කියවීමක්

පොලිසිය කස්සප හිමි උස්සන් යයි..

News Sri Lanka 24 2026 ඉල් 12
පොලිසිය කස්සප හිමි උස්සන් යයි..

 අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ දින කිහිපයක සිට මාරාන්තික උපවාසයක සහ සත්‍යග්‍රහයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන් නමක් අද (12) පොලිස් භාරයට ගෙන තිබේ. අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ

SPONSORED


 අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ දින කිහිපයක සිට මාරාන්තික උපවාසයක සහ සත්‍යග්‍රහයක නිරතව සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන් නමක් අද (12) පොලිස් භාරයට ගෙන තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ යෝජිත ගැසට් පත්‍රය වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයට බලකරමින් උන්වහන්සේලා මෙම විරෝධතාව ආරම්භ කර තිබිණි.

අද දිනයේදී තවත් පාර්ශ්වයක් එම විරෝධතා භූමියට පැමිණීමත් සමඟ දෙපිරිස අතර දැඩි නොසන්සුන්තාවක් සහ ගැටුම්කාරී වාතාවරණයක් හටගත්තේය. 

උපවාසයේ නිරතව සිටි අට්ටාලයට ද හානි සිදුව ඇති බව වාර්තා වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ වහා ක්‍රියාත්මක වී උපවාසයේ නිරතව සිටි බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන් නමක් මෙලෙස පොලිස් යටතට ගෙන ඇත.

රුවන්වැලි මහා සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත පූජා භූමිය තුළ සැදැහැවතුන්ට බාධා වන අයුරින් තාවකාලික කූඩාරම් ඉදිකරමින් රැඳී සිටීම වළක්වමින් සහ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස වෙත නියෝගයක් ද නිකුත් කර තිබිණි. 

එහෙත් එම නියෝග නොතකා උන්වහන්සේලා විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන ගියහ.

මීට අමතරව, ත්‍රිකුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සම්බන්ධ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කස්සප හිමියන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 11 වැනිදා වරෙන්තුවක් ද නිකුත් කර තිබූ අතර, මීට පෙර කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය තමන්ට පහරදුන් බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොළඹ දිසා අපරාධ කොට්ඨාසය (CCD) මඟින් ද උන්වහන්සේ වෙත නොතීසි නිකුත් කර තිබිණි





Three Monks Detained Amid Protests at Anuradhapura

Three monks, including the prominent Balangoda Kassapa Thera, have been taken into police custody following several days of intense fasting and a sit-in protest at the Ruwanweli Maha Seya premises in Anuradhapura. The monks were advocating for the immediate withdrawal of a proposed gazette related to the Anuradhapura Puja City Development Project.

The atmosphere turned tense today as another group arrived at the protest site, leading to clashes between the two factions. Reports indicate that damages occurred to the premises where the fasting monks were situated, prompting security forces to swiftly intervene.

In response, the magistrate court in Anuradhapura had previously issued directives to prevent the monks, including Balangoda Kassapa, from setting up makeshift structures that obstructed access to sacred areas surrounding the Ruwanweli Maha Seya and the Jaya Sri Maha Bodhi. Despite this court order, the monks continued their protest unhindered.

Additionally, a warrant had been issued against the monks by the Trincomalee Magistrate's Court due to their failure to appear in a case concerning the placement of a Buddha statue. This is not the first incident for the monks; they have previously alleged police violence during an earlier protest at the Viharamahadevi Park in Colombo, and the Colombo Crime Division had summoned them for questioning regarding those allegations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED