සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 2 ක කියවීමක්

පළාත් සභා මැතිවරණය මොන ක‍්‍රමයටද තියන්නේ කියා සොයයි..

News Sri Lanka 24 2026 ඉල් 12
පළාත් සභා මැතිවරණය මොන ක‍්‍රමයටද තියන්නේ කියා සොයයි..

 වසර ගණනාවක් තිස්සේ ඇණහිට ඇති පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු සුදුසු මැතිවරණ ක්‍රමවේදය කවරේද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විවිධ දේශපාලන පක්ෂවලින් අදහස් හා යෝජනා විමසීම ආරම

SPONSORED


 වසර ගණනාවක් තිස්සේ ඇණහිට ඇති පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු සුදුසු මැතිවරණ ක්‍රමවේදය කවරේද යන්න සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් විවිධ දේශපාලන පක්ෂවලින් අදහස් හා යෝජනා විමසීම ආරම්භ කර ඇත.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ මෙම විශේෂ කාරක සභාව හමුවේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ කිහිප දෙනෙක් සිය යෝජනා ඉදිරිපත් කළහ.

එහිදී ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කේ. ප්‍රේමචන්ද්‍රන්, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් රාමසාමි රාජේන්ද්‍රන් සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් සෙල්ලිනාදන් සංජීවන් යන මහත්වරු සිය පක්ෂවල ස්ථාවරයන් කාරක සභාව හමුවේ පැහැදිලි කළහ.

මෙහිදී මූලික වශයෙන් සාකච්ඡාවට බඳුන් වූයේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු වඩාත් ප්‍රායෝගික මැතිවරණ ක්‍රමය, පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජනය විධිමත්ව තහවුරු කිරීම ඇතුළු කරුණු කිහිපයකි.

මෙම සාකච්ඡා වටය සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මුනීර් මුල්ලාෆර්, නීතිඥ සුනිල් වටගල, අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් මෙන්ම කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ධර්මප්‍රිය විජේසිංහ, ෂම්මිත්‍රි ගුණසිංහ සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.





Parliamentary Committee Initiates Consultations on Local Council Election Reforms

In a significant move towards electoral reform after years of stagnation, a parliamentary special committee has begun gathering opinions and suggestions from various political parties regarding the most suitable procedures for conducting local government elections.

Under the leadership of Minister Wijitha Herath, the committee convened in the parliamentary complex where representatives from multiple political factions presented their proposals.

Among those contributing to the discussion were K. Premachandran of the Illankai Tamil Arasu Katchi, Ramasamy Rajendran representing the Eelam People's Democratic Party, and Selvinathan Sanjeevan from the Eelam People's Democratic Party, who clarified their party positions during the session.

The core of the discussions revolved around identifying the most practical electoral methods for future local council elections, confirming women's and youth representation in these councils, and addressing several other crucial matters.

Prominent figures participating in the discussions included Deputy Ministers Munir Mulhafer, attorney-at-law Sunil Watagala, and Arun Hemachandra, alongside members of the committee such as Dharmapriya Vijayasingha, Shamitri Gunasinghe, and Lakshman Nipunarachchi, all of whom actively contributed to the dialogue.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED