සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 3 ක කියවීමක්

කොලඹ ප‍්‍රදේශ රැසක ජලයෙන් යටවෙයි.. කටුනායක අධිවේගයත් යටවේ..

News Sri Lanka 24 2026 ඉල් 11
කොලඹ ප‍්‍රදේශ රැසක ජලයෙන් යටවෙයි.. කටුනායක අධිවේගයත් යටවේ..

 ඇදහැලෙන වර්ෂාව හමුවේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පිටවුම ඇතුළු කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මාර්ග සංව

SPONSORED


 ඇදහැලෙන වර්ෂාව හමුවේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පිටවුම ඇතුළු කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

මාර්ග සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ, කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට වන පිටවුම් මංතීරුව ආශ්‍රිතව දැඩි ලෙස වැසි ජලය පිරීම නිසා වාහන පිටවීම මුළුමනින්ම පාහේ අවහිර වී ඇති බවයි. 

මේ හේතුවෙන් අධිවේගී මාර්ගය තුළ මෙන්ම ඒ අවට පිවිසුම් මාර්ගවල ද කිලෝමීටර් ගණනක් දුරට වාහන පෝලිම් හටගෙන තිබේ.

මේ අතර ආමර් වීදියේ සිට ඉඟුරුකඩේ හන්දිය දක්වා වූ මාර්ගය මෙන්ම බේස්ලයින් හන්දියේ සිට ස්ටුවර්ට් හන්දිය දක්වා වූ ප්‍රධාන මාර්ග කොටස් ද සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇත.

ප්‍රධාන මාර්ගවල අඩි දෙකකට අධික උසකට ජලය රැඳී පැවතීම හේතුවෙන් කුඩා මෝටර් රථ සහ ත්‍රිරෝද රථ ධාවනය ඇණහිට ඇති අතර, ඒ ඔස්සේ තොටළඟ, පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් සහ මාලිගාවත්ත දෙසින් කොළඹට ඇතුළු වන රථවාහන ගමනාගමනයට බරපතළ බාධා එල්ල වී ඇත. 

රථවාහන තදබදය අවම කිරීම සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් යොදවා ඇති අතර, හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින ක්‍රියාකාරී කැළඹිලි ස්වභාවය හමුවේ බස්නාහිර සහ ඒ අවට පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබිණි. 

කැලණි ගඟ ආශ්‍රිත පහත්බිම් හා පෑලියගොඩ ප්‍රදේශයේ කානු පද්ධතිවල ධාරිතාව ඉක්මවා යමින් වැසි ජලය ක්ෂණිකව එකතු වීම මෙම ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.





Heavy Rainfall Causes Severe Traffic Congestion in Colombo

Persistent downpours have led to significant flooding on several key roads, including exits along the Colombo-Katunayake Expressway, resulting in severe traffic congestion in the capital, according to the Road Development Authority and police headquarters.

Authorities reported that heavy rain accumulation around the exit ramp of the expressway heading towards Colombo has completely blocked vehicles from proceeding, creating a standstill in traffic.

Long stretches of vehicles have formed on the expressway and nearby access roads, causing complications for commuters.

Critical thoroughfares, including the route from Amir Street to the Ingurukade Junction and from the Baseline Junction to the Stewart Junction, are also completely submerged under water.

The water level has risen significantly, exceeding two feet in some areas, hampering the movement of smaller vehicles and three-wheelers. Traffic entering Colombo from Thotalanga, Peliyagoda, Grandpas, and Maligawatta is facing severe disruptions.

In an effort to mitigate the congestion, police have deployed teams to manage the traffic flow and are urging drivers to consider alternative routes.

Forecasts from the Meteorological Department indicate that the Western Province and surrounding areas are experiencing heavy rainfall exceeding 100 millimeters, contributing to the ongoing weather disturbances.

The rapid accumulation of rainwater has surpassed the capacity of drainage systems in low-lying areas near the Kelani River and Peliyagoda, leading to worsening flood conditions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED