කස්සප හිමියෝ මරණය තෝරා ගනති.. රුවන්මැලි සෑය ඉදිරියේ මියෙන තෙක් මාරාන්තික උපවාසයක් අරඹති...
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම අසලදී අද පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ. රුවන්වැලිසෑ
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු මහා සංඝරත්නය ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිම අසලදී අද පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.
රුවන්වැලිසෑ පරිශ්‍රයේ පිහිටි දන්සල් භූමිය ආශ්‍රිතව මෙම උපවාසය ආරම්භ කර ඇති අතර, අදාළ සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ එහිදී අවධාරණය කළහ.
අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව නාගරික සංවර්ධන සැලැස්ම මඟින් පූජා භූමියේ ඉඩම් සහ ඓතිහාසික උරුමයන් අවදානමට ලක්වන බවට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් දිගින් දිගටම චෝදනා නඟමින් සිටියහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක හිමියන්ගේ සම සභාපතිත්වයෙන් යුත් 32 කුගෙන් සමන්විත ජනාධිපති උපදේශක සභාවක් දැනටමත් පත්කර ඇති බවයි.
එබැවින් එම සැලැස්ම පිළිබඳව කිසියම් ගැටලුවක් පවතින්නේ නම් උපවාසයේ නිරත ස්ථානයේ සිට මීටර් කිහිපයක් නුදුරින් වැඩවසන රුවන්වැලි නායක හිමියන් සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමට අවස්ථාව තිබියදී, මෙලෙස මාධ්‍ය සංදර්ශන පවත්වමින් කටයුතු කිරීම ගැටලුසහගත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Protest Hunger Strike Begins Near Historic Ruwanweliseya in Anuradhapura
A significant hunger strike commenced this morning near the historic Ruwanweliseya in Anuradhapura, led by a group of prominent monks, including the Chief Monk of Balangoda, demanding immediate action from the government regarding the Anuradhapura Sacred City Development Plan. The monks are urging authorities to withdraw the controversial development plan that threatens the sanctity of the area.
The hunger strike is staged in connection with the land surrounding the sacred site and will continue until the relevant gazette notification is withdrawn, as emphasized by the Balangoda monks.
Concerns have been raised by several factions, including the Balangoda monks, regarding the new urban development plan that centers on Anuradhapura. They argue that it endangers sacred land and historical heritage associated with the worship site, continuing their calls for the plan to be reconsidered.
Addressing the concerns, Cabinet Spokesperson Minister Dr. Nalinda Jayatissa revealed that a Presidential Advisory Council has already been established. This body comprises 32 representatives, led by the Chief Monk of Ruwanweliseya, Venerable Ithalawatunuwewe Gnanananda, and the Anuradhapura District's working committee chairman, to make determinations regarding the development plan.
Minister Jayatissa also highlighted the importance of dialogue, suggesting that if any issues arise regarding the plan, there is an opportunity for discussions with Ruwanweliseya leaders just a few meters away from the hunger strike site. He expressed concerns over the protest style, suggesting that it might complicate the situation further rather than facilitate resolution.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
