සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 2 ක කියවීමක්

කබානාවක් තුල පෙම්වතී ඝාතනය කර පෙම්වතා පැන යයි...

News Sri Lanka 24 2026 ඉල් 10
කබානාවක් තුල පෙම්වතී ඝාතනය කර පෙම්වතා පැන යයි...

නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක කබානාවක් තුල තරුණියක් ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය. මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ පියුමි දිල්ශානි නැමති 27 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ පදිංචි තරුණියකි. තරුණිය 27 හැවිරිදි නුවරඑළිය තෙරිපැහැ ප්‍රදේශයේ පද

SPONSORED


නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක කබානාවක් තුල තරුණියක් ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.

මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ පියුමි දිල්ශානි නැමති 27 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

තරුණිය 27 හැවිරිදි නුවරඑළිය තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතා සමග ඉකුත් 07 දින එම කබානාවට පැමිණ මුදල් ගෙවා කබානාව වෙන් කර ගෙන සිට ඇති අතර, (10) දින උදෑසන තරුණිය කබානාව තුල තුවාල සහිතව වැටී සිටිනු දුටු එම කබානාවේ අයිතිකරු විසින් නුවරඑළිය පොලිසිය වෙත කල දැනුම්දිමක් මත සිරුර සොයාගෙන ඇත.

පෙම්වතා ප්‍ර දේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවත්, සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පෂ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත සිරුර යොමු කරන බව නුවරඑළිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන පවත්වන නුවරඑළිය පොලිසිය පැවසීය.

රංජිත් රාජපක්ෂ 





Young Woman Found Murdered in Nuwara Eliya Tourist Lodge

Authorities in Nuwara Eliya have reported the tragic murder of a young woman within a tourist lodge in the Magastota area. The victim has been identified as 27-year-old Piyumi Dilshani, a resident of the Ampara district.

On the 7th of this month, Dilshani had arrived at the lodge with her boyfriend, paying to reserve a room. However, on the morning of the 10th, the lodge owner discovered her seriously injured and lying on the floor, prompting an immediate alert to the Nuwara Eliya police.

Initial investigations reveal that her boyfriend has fled the region, and police have initiated a search for a suspect. Following an inspection led by the Nuwara Eliya Magistrate, the body has been sent for a post-mortem examination at the Nuwara Eliya District General Hospital, as confirmed by the local police conducting the investigation.

Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED