සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 4 ක කියවීමක්

උපරිම සහන දෙන්න මාතරට 'ජාතික සතොස' ක් අරී....

News Sri Lanka 24 2026 ඉල් 12
උපරිම සහන දෙන්න මාතරට 'ජාතික සතොස' ක් අරී....

 ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට උපරිම සහනයක් ලබා දෙමින්, රටේ තොග සැපයුම්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (ජාතික සතොස) යළි ක්‍රියාත්මක කරමින් එහි ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය (11) මාතරදී විවෘත කරන ලදී. දේශීය අල, ළූණු, ධාන්‍ය හා අ

SPONSORED


 ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට උපරිම සහනයක් ලබා දෙමින්, රටේ තොග සැපයුම්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (ජාතික සතොස) යළි ක්‍රියාත්මක කරමින් එහි ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය (11) මාතරදී විවෘත කරන ලදී.

දේශීය අල, ළූණු, ධාන්‍ය හා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග සාධාරණ මිලට ජනතාව වෙත සමීප කරමින්, ගොවි ජනතාවට නිසි මිලක් ලබාදෙන රජයේ යාන්ත්‍රණය ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ක්‍රියාත්මක වේ. 

මෙරට පිහිටවූ  පළමු රාජ්‍ය සංස්ථාව වන සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව, වත්මන් ආණ්ඩුව බලයට පත් වන අවස්ථාව වන විට ඈවර කර සියලු සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වා වසා දැමූ ආයතනයක් බවට පත්ව තිබිණ.

වෙළෙඳපොල මිල නියාමන බලය මෙන්ම, ගොවියාගේ මහන්සියට අතරමැදි සූරාකෑම්වලින් තොරව නිසි මිලක් ලබාදෙන්නට රාජ්‍ය යාන්ත්‍රණයේ හස්තය බවට අතීතයේ රටේ තොග සපයන්නාගේ කාර්යභාරය ඉටු කළ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පත් කර ගත හැකි බව වටහා ගත් වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම යථාර්ථයක් කරමින්, එවකට පාලකයන් විසින් ඈවර කර වසා දමා තිබූ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යළි ස්ථාපිත කරන ලදී.

ඒ අනුව වත්මන් සභාපති කෝසල විල්බාව මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අසංක ප්‍රනාන්දු මහතා ඇතුළු කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකුගෙන් පමණක් යළි ඇරඹි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව අද වන විට සේවකයන් 50කගෙන් සමන්විත වේ.

වෙළෙඳපොළ තුළ තරගකාරී සැපයුම් හා බෙදා හැරීම් ජාලයට රජයේ මැදිහත්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ක්‍රමානුකූලව යළි ස්ථාපිත වෙමින් වී අළෙවි මණ්ඩලය සමඟ එක්ව වී මිලදීගෙන සහල් බවට පත්කර ජාතික සතොස සහල් නමින් වෙළෙඳපොළට නිකුත් කිරීම මෙන්ම දේශීය ළූණු, අල මිලදී ගැනීම පසුගිය 2025 වසරේ සිට ආරම්භ කරන ලදී.

එම වැඩපිළිවෙල තවත් විධිමත්ව ඉදිරියට ගෙන යමින් (11) අංක.31, රාහුල මාවත, මාතර ලිපිනයේදී සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) පළමු තොග අළෙවි මධ්‍යස්ථානය විවෘත කෙරිණ.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය  වසන්ත සමරසිංහ මහතා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එක් වූ අතර වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්ලයාස් මහතා, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්,  සමූපකාර සමිති  නියෝජිතයන් මෙන්ම ප්‍රදේශයේ මහජනතාවද සම්බන්ධ වී සිටියහ.





National Co-operative Wholesale Establishment Reopens in Matara, Aims to Benefit Farmers and Consumers

In a significant move to support local agriculture and provide consumers with quality products at reasonable prices, the National Co-operative Wholesale Establishment (Sathosa) has officially reopened its first wholesale distribution center in Matara. This initiative promises to bridge the gap between farmers and consumers while ensuring fair pricing for both parties.

The establishment seeks to facilitate direct access for the public to essential goods such as local potatoes, onions, rice, and various dried food items. By doing so, it aims to create a government mechanism that guarantees farmers receive fair compensation for their produce, free from intermediary exploitation.

Originally the country's first state institution, the Co-operative Wholesale Establishment had become defunct, with all employees choosing to retire voluntarily after the current government took office. However, it now re-emerges as a vital player in regulating market prices and addressing the needs of farmers.

As part of efforts to restore its former stature, the Co-operative Wholesale Establishment has been reestablished under the guidance of Minister of Trade, Commerce, Food Security, and Cooperative Development Wasanthe Samarasinghe. He emphasized the importance of reviving an institution that had been prematurely shuttered by past administrations, underscoring its potential as a critical supplier in the national market.

Currently, the newly revitalized establishment is staffed by a team of 50, including the Chairman Kosala Wilbawa and Chief Executive Officer Ashanka Pranandu. It will gradually rebuild its network as a governmental intermediary in the competitive supply and distribution landscape.

Furthermore, the Co-operative Wholesale Establishment has initiated the purchase and distribution of rice, collaborating with the National Sathosa to ensure a consistent supply under the brand name 'National Sathosa Rice'. The program also includes plans to source local onions and potatoes starting in 2025.

In a symbolic reopening ceremony held at No. 31, Rahul Mawatha, Matara, dignitaries such as Minister Wasanthe Samarasinghe, Minister of Industry and Business Development Sunil Handunnetti, and several MPs from the Matara district attended, highlighting the support from the local populace and co-operative representatives.

This reopening marks a new chapter for farmers and consumers alike, as the National Co-operative Wholesale Establishment aims to foster a more equitable and accessible market environment in Sri Lanka.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED