සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 3 ක කියවීමක්

ආනන්ද පාලිත සජිත්ගේ මූණටම බැණ වදී.. SJB ගාලගෝටියක් වේ..

News Sri Lanka 24 2026 ඉල් 12
ආනන්ද පාලිත සජිත්ගේ මූණටම බැණ වදී.. SJB ගාලගෝටියක් වේ..

 වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව වීදි බැස්සවීමේ දේශපාලන උපායමාර්ගය මුල් කරගනිමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අතර (11) පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධි

SPONSORED


 වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව වීදි බැස්සවීමේ දේශපාලන උපායමාර්ගය මුල් කරගනිමින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අතර (11) පැවති සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දැඩි උණුසුම් වචන හුවමාරුවක් හටගෙන තිබේ.

පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මෙම රැස්වීමේදී දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීම විනාඩි 20කට ආසන්න කාලයක් මුළුල්ලේ ඇදී ගිය බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජාතික ජන බලවේග රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ජනතා විරෝධී පනත් සහ තීරණ හමුවේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය මීට වඩා සක්‍රිය භූමිකාවක් ඉටු කළ යුතු බවත්, පාක්ෂිකයන් මහමඟට කැඳවා විරෝධතා දැක්වීමට කඩිනමින් පියවර ගත යුතු බවත් ආනන්ද පාලිත මහතා මෙහිදී දැඩිව ප්‍රකාශ කර ඇත.

එම ප්‍රකාශයත් සමඟ කෝපයට පත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට දැඩි විරෝධය පළ කරමින් පවසා ඇත්තේ, ආනන්ද පාලිත මහතා අවස්ථා ගණනාවකදීම පක්ෂ නායකත්වය සහ තමන්ව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් කටයුතු කර ඇති බවයි.

දෙපාර්ශ්වය අතර මෙම වාග් සංග්‍රාමය ඇවිළී ගිය අවස්ථාවේදී සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, එස්.එම්. මරික්කාර් සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රබලයින් රැසක් රැස්වීම් ශාලාවේ රැඳී සිටිය ද, කිසිදු සාමාජිකයකු එම ගැටුම සමථයකට පත් කිරීමට ඉදිරිපත් නොවී නිහඬව බලා සිටි බව ද වාර්තා වේ.





Intense Exchange Erupts Between Opposition Leaders During Meeting on Political Strategy

A heated exchange of words unfolded between Opposition Leader Sajith Premadasa and Ananda Palitha, the convenor of the Professional Trade Unions, during a meeting of the Samagi Jana Balawegaya's Executive Committee held on the 11th. This gathering was focused on strategies for mobilizing public protests against the current government's policies and actions.

Taking place at the Samagi Jana Balawegaya headquarters in Pitakotte, the argument reportedly lasted nearly 20 minutes, according to internal party sources.

Ananda Palitha emphasized the need for the main opposition party to play a more proactive role in countering unpopular legislation and decisions made by the National People's Power Government. He called for immediate action to rally party members for protests on the streets.

In a strong rebuttal, Sajith Premadasa expressed his dissatisfaction, accusing Palitha of consistently undermining the party leadership and criticizing him in public forums.

During this verbal confrontation, several prominent members of the executive committee remained in the meeting room, including SJB General Secretary Ranjith Maddumabandara and parliamentarians Kabir Hashim, S.M. Marikkar, and Mujibur Rahuman, yet none intervened to mediate the escalating dispute.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED