සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සාමාන්‍ය විනාඩි 3 ක කියවීමක්

SJB මහ ලේකම් මහ බුලක් කෙලී..

News Sri Lanka 24 2026 ඉල් 11
SJB මහ ලේකම් මහ බුලක් කෙලී..

 සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින මහනුවර, පන්විල ප්‍රාදේශීය සභාවේ ඉදිරි අයවැය ලේඛනය පරාජය කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් එම පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කිරීමේ සිදුවීමක් වාර්තා වේ. පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩ

SPONSORED


 සමගි ජන බලවේගයේ පාලනය යටතේ පවතින මහනුවර, පන්විල ප්‍රාදේශීය සභාවේ ඉදිරි අයවැය ලේඛනය පරාජය කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින් එම පක්ෂයේ මහ ලේකම්වරයාගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ලැබී ඇති මෙම නියෝගය හේතුවෙන් පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පාලක පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම දැඩි විමතියට මෙන්ම අපහසුතාවට පත්ව තිබේ. 

තමන්ගේම පක්ෂය විසින් බලය පිහිටුවා පාලනය කරගෙන යන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් හෝ පක්ෂ නායකත්වයට මනා වැටහීමක් නොමැති වීම පිළිබඳව සභාවේ මන්ත්‍රීවරු දැඩි අප්‍රසාදය පළ කරති.

මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පන්විල ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, මහ ලේකම්වරයාගේ ලිපිය දැකීමෙන් තමන් දැඩි කම්පනයට පත් වූ බවයි. 

මේ පිළිබඳව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් මෙන්ම මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් ද වහා කරුණු විමසූ බවත්, එහිදී ඔවුන් මෙය ලිපිකරු දෝෂයක් මත සිදුවූ බරපතළ "අත්වැරැද්දක්" බව පිළිගත් බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල අනුව පන්විල ප්‍රාදේශීය සභාව සඳහා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 06 දෙනෙකු තේරී පත් විය. 

ඊට අමතරව ජාතික ජන බලවේගය ආසන 05ක් ද, ලංකා කම්කරු කොංග්‍රසය ආසන 02ක් ද දිනාගත් අතර පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සර්වජන බලය එක් ආසනය බැගින් හිමිකර ගත්තේය.





Political Turmoil Erupts in Panwila Local Authority Over Budget Proposal

A significant incident has arisen within the Panwila Pradeshiya Sabha, controlled by the Samagi Jana Balawegaya (SJB), as an official letter urging to reject the upcoming budget was dispatched bearing the signature of the party's General Secretary, Ranjith Maduma Bandara.

This directive has plunged the local council into a state of confusion and discontent, particularly affecting the Chairman and the SJB council members who are grappling with the unexpected order.

Members of the council have expressed their profound dissatisfaction, highlighting a lack of coherent understanding regarding the governance of the provincial authority they represent, which is led by their own party.

In a response to inquiries regarding this chaotic situation, Chairman Anura Perera confirmed his shock upon reading the letter from the General Secretary.

He added that both party leader Sajith Premadasa and General Secretary Ranjith Maduma Bandara were immediately contacted for clarification, where they acknowledged the situation as a critical "error" attributed to the letter’s author.

According to official results from the recent provincial council elections, the Samagi Jana Balawegaya secured six seats in the Panwila Pradeshiya Sabha. The National People's Power won five seats, while the Lanka Workers' Congress bagged two. The United People's Freedom Alliance, Sri Lanka People's Front, and Sarva Jana Balawegaya each claimed one seat.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED