සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
තාක්ෂණය විනාඩි 5 ක කියවීමක්

ලොකු ණයක් අරන් වසර 17ක් පරණ Linear Accelerator යන්ත‍්‍ර ගේන්න යයි..

News Sri Lanka 24 2026 ඉල් 11
ලොකු ණයක් අරන් වසර 17ක් පරණ Linear Accelerator යන්ත‍්‍ර ගේන්න යයි..

 මෙරට පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහා නවීන පහසුකම් සහිත උපකරණ වෙනුවට, 2010 වසරේ නිෂ්පාදිත යල්පැනගිය තාක්ෂණයට සමාන ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහයක් හේතුවෙන් රජයේ

SPONSORED


 මෙරට පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබාදීම සඳහා නවීන පහසුකම් සහිත උපකරණ වෙනුවට, 2010 වසරේ නිෂ්පාදිත යල්පැනගිය තාක්ෂණයට සමාන ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) යන්ත්‍ර මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය දරන උත්සාහයක් හේතුවෙන් රජයේ භාණ්ඩාගාරයට ඩොලර් මිලියන ගණනක මූල්‍ය පාඩුවක් සිදුවන බව පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම අක්‍රමවත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වහාම පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ගොනු කර ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා විසිනි.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ණය ආධාර යෝජනා ක්‍රමයක් යටතේ 2026/2027 වර්ෂයන් සඳහා මෙම යන්ත්‍ර ප්‍රසම්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, ඒවා මහරගම අපේක්ෂා රෝහලට සහ ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ලබාදීමට නියමිතව ඇත. කෙසේ වෙතත්, ටෙන්ඩරය සඳහා ඉදිරිපත්ව සිටින සැපයුම්කාර සමාගම විසින් මෙරටට ලබාදීමට යෝජනා කර ඇත්තේ මීට වසර පහළොවකට පමණ පෙර පැවති 2010 වසරේ මාදිලියකට සමාන, යල්පැනගිය තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර බවත්, රෝගීන්ට අවශ්‍ය නවීනතම පහසුකම් නොසලකා හරිමින් එවැනි උපකරණ අධික මිලකට මිලදී ගැනීම බරපතළ රාජ්‍ය මුදල් අවභාවිතයක් බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

මෙම මිලදී ගැනීම් සම්බන්ධයෙන් අදාළ විෂය භාර පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්  දිගින් දිගටම නිලධාරීන් දැනුවත් කර ඇතත්, රෝහල්වල සේවය කරන ඇතැම් භෞතික විද්‍යාඥයන්ගේ පුද්ගලික වුවමනාවන් සහ අදාළ සැපයුම්කාර සමාගම්වල බලපෑම මත මෙම යල්පැනගිය යන්ත්‍රම තෝරාගැනීමට කටයුතු කරමින් සිටින බවට බරපතළ සැකයක් පවතින බවද පැමිණිල්ලේ සඳහන් වේ. 

එමෙන්ම, මෙම ටෙන්ඩරයට සම්බන්ධ ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම් කමිටුවල නිලධාරීන් ඉලක්ක කරගනිමින් අදාළ වෛද්‍ය උපකරණ සමාගම මගින් මෑතකදී ප්‍රචාරක වැඩසටහන් සහ සුඛෝපභෝගී භෝජන සංග්‍රහ පවා සංවිධානය කර තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් අදාළ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන්, තාක්ෂණික ඇගයීම් කමිටු  සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඊට වගකිවයුතු ඉහළ පෙළේ නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස වෛද්‍ය සංගමය අල්ලස් කොමිසමෙන් ඉල්ලා සිටියි.

දීර්ඝ කාලයක සිට මෙම රෝහල් දෙක සඳහා අත්‍යවශ්‍ය ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය විවිධ නිලධාරීන්ගේ සහ ව්‍යාපාරික සමාගම්වල පටු වාසි තකා හිතාමතාම කල්දමමින් සිටින බැවින්, අසරණ පිළිකා රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙම අර්බුදය කෙරෙහි ජනාධිපතිවරයාගේ ද සෘජු අවධානය යොමුවිය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.





Concerns Emerge Over Procurement of Outdated Cancer Treatment Equipment in Sri Lanka

In a troubling development for cancer treatment in Sri Lanka, it has been revealed that the Ministry of Health is considering the purchase of a 'Linear Accelerator' machine, which is based on outdated 2010 technology, instead of sourcing advanced equipment with modern capabilities. This decision could result in significant financial losses amounting to millions of dollars for the government treasury, leading to allegations of corruption being filed with the commission investigating graft and malfeasance.

The complaint urging immediate thorough investigations into the alleged irregular procurement process was lodged by Dr. Chamath Sanjeewa, the president of a medical professionals' association focused on healthcare and civil rights. He emphasized the need for accountability given the implications for cancer patients seeking timely and effective treatments.

Plans are underway to procure this equipment under a loan assistance proposal from the Asian Development Bank (ADB) for the years 2026/2027. The machines are intended for the Apeksha Hospital in Maharagama and the Karapitiya National Hospital in Galle. However, there are grave concerns that the supplier bidding for the contract is proposing to provide machinery that closely resembles outdated models from 2010, disregarding the modern facilities needed for patient care. Dr. Sanjeewa highlighted that acquiring such obsolete equipment at inflated prices constitutes a gross misuse of public funds.

Despite being informed about these purchases for an extended period, specialists in oncology have raised alarms regarding potential influences and vested interests from certain physicists employed in hospitals, who are allegedly pushing for the procurement of these outdated machines. This raises serious doubts about the selection process.

Furthermore, it has come to light that officials from relevant procurement and technical evaluation committees have recently participated in promotional activities, including lavish meals organized by the medical equipment company involved in the bidding. This has intensified calls for immediate and thorough investigations into the conduct of the committee members, the ADB representatives in Sri Lanka, and senior officials from the Ministry of Health.

For an extended period, the process to acquire essential Linear Accelerators for these hospitals has faced unnecessary delays, seemingly hampered by various officials and business interests. Dr. Sanjeewa has urged that this ongoing crisis, which endangers the lives of vulnerable cancer patients, must capture the direct attention of the President for prompt resolution.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED