දුම් දමාගෙන යන වාහනවල පින්තූර එවන්න පොලිසියෙන් WhatasApp අංකයක්...
දිවයින පුරා මාරක සහ බරපතළ රිය අනතුරු ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, මහමඟ අනතුරුදායක හා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියදුරන් මෙන්ම නීතිවිරෝධී ලෙස නවීකරණය කළ වාහන නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වීඩියෝ දර්ශන යොමු කිරීමට විශේෂ වට්ස්ඇප්
දිවයින පුරා මාරක සහ බරපතළ රිය අනතුරු ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින්, මහමඟ අනතුරුදායක හා අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරන රියදුරන් මෙන්ම නීතිවිරෝධී ලෙස නවීකරණය කළ වාහන නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වීඩියෝ දර්ශන යොමු කිරීමට විශේෂ වට්ස්ඇප් (WhatsApp) අංක හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ, අධික වේගය, අපරීක්ෂාකාරී රිය ධාවනය මෙන්ම සෙසු මාර්ග පරිශීලකයින්ගේ සහ පදිකයින්ගේ ජීවිත අනතුරේ හෙළමින් සිදුකරන නොසැලකිලිමත් ක්‍රියාකලාපයන් මෑතකාලීන මාරක අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.
විශේෂයෙන්ම මෑතකදී අනතුරුවලට ලක්වූ මගී ප්‍රවාහන බස් රථ රැසක් නීතිවිරෝධී ලෙස අනතුරුදායක අමතර කොටස් සවිකර නවීකරණය කරන ලද ඒවා බවත්, ඒවා සතුව නිසි ධාවන යෝග්‍යතා හෝ යාන්ත්‍රික තත්ත්ව වාර්තා නොමැති බවට නිරීක්ෂණය වී ඇති බවත් පොලිසිය අනාවරණය කරයි.
අපරීක්ෂාකාරී හා අන්තරාදායක රිය ධාවනයන් නිරීක්ෂණය වන්නේ නම්, මහජනතාවට ඊට අදාළ වීඩියෝ දර්ශන 070 - 4755600 යන වට්ස්ඇප් අංකයට යොමු කළ හැකිය. මහජනතාව ලබාදෙන මෙවැනි වීඩියෝ සාක්ෂි පදනම් කරගනිමින් මේ වන විටත් වරදකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට හැකිවූ බව පොලිසිය සිහිපත් කරයි.
මීට අමතරව පරිසරයට හා මහජන සෞඛ්‍යයට හානිකර වන අයුරින් අධික කළුදුම පිටකරමින් ධාවනය වන වාහනවල අංකය, දිනය සහ ස්ථානය සහිත ඡායාරූප හෝ වීඩියෝ 070 - 3500525 යන වට්ස්ඇප් අංකයට යොමු කළ හැකි බව ද පොලිසිය සඳහන් කරයි.
හදිසි අවස්ථාවන්හිදී දැනුම් දීම සඳහා පහත අංක ද විවෘතව පවතී:
- පොලිස් හදිසි ඇමතුම් අංශය: 119
- කොළඹ දිස්ත්‍රික් හදිසි ඇමතුම් අංශය: 0112 – 433333
- ජාතික ගමනාගමන කොමිෂන් සභාව (බස් රථ පැමිණිලි): 1955
ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුවන රිය අනතුරුවලින් පුද්ගලයන් 06ත් 08ත් අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන අතර, වාර්ෂික මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවයි. මෑතකාලීනව පෞද්ගලික බස් රථ අතර පවතින වේග තරගය, අනතුරුදායක අතිරේක විදුලි ආලෝක ධාරා සහ අධික ශබ්ද නිකුත් කරන බහු නාද නළා භාවිත කරමින් සිදුකරන ධාවනයන් බරපතළ සමාජ ගැටලුවක් බවට පත්ව තිබිණි.
මහජනතාව සතු ජංගම දුරකථන සහ රථවාහන කැමරා (Dashcams) මඟින් ලබාගන්නා දර්ශන ඔස්සේ වැරදිකරුවන් නීතියට හසුකර දීමේ ක්‍රමවේදය මෑතකාලීනව දැඩි සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර, එය තවදුරටත් විධිමත් කරමින් වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය සැරසේ.
Police Introduces WhatsApp Hotline to Combat Rising Road Accidents
In a bid to address the alarming increase in fatal and serious road accidents across the island, the police have launched a special WhatsApp hotline for citizens to report reckless driving and vehicles modified in violation of road regulations. This initiative aims to encourage public involvement in enhancing road safety.
The police headquarters emphasized that reckless behavior, such as speeding and negligent driving, has predominantly contributed to recent deadly accidents, putting the lives of both other road users and pedestrians at risk.
Notably, many of the passenger buses involved in recent accidents had been illegally modified with dangerous enhancements, lacking appropriate roadworthiness certifications or mechanical condition reports.
Public members can send relevant video footage to the WhatsApp number 070 - 4755600 to report reckless and dangerous driving. The police highlighted that several offenders have already been apprehended and legal action taken based on evidence provided by the public.
Additionally, individuals can report vehicles emitting excessive black smoke detrimental to the environment and public health, by sending photos or videos along with the vehicle number, date, and location to the number 070 - 3500525.
For emergencies, the following contact numbers are available:
- Police Emergency Call Center: 119
- Colombo District Emergency Call Center: 0112 – 433333
- National Transport Commission (Bus Complaints): 1955
Daily road accidents in Sri Lanka claim between six to eight lives, with annual fatalities exceeding 2,500. The recent competition for speed among private buses, which includes the use of hazardous external lighting and excessive noise from multiple horns, has become a significant social issue.
Utilizing mobile phones and dashboard cameras, the public has increasingly played a pivotal role in bringing offenders to justice, a strategy that has seen notable success and will continue to be strengthened as police pursue robust legal measures against violators.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
