සජීවී   News Sri Lanka 24
නවතම පුවත් සාරාංශ • Real-Time News Updates
සෞඛ්‍ය විනාඩි 2 ක කියවීමක්

රිමාන්ඩ් කර සිටි හිටපු ලොක්කෙක් වැලිකඩදී මියයයි...

News Sri Lanka 24 2026 ඉල් 12
රිමාන්ඩ් කර සිටි හිටපු ලොක්කෙක් වැලිකඩදී මියයයි...

 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සමුපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මියයන විට 78 වන වියේ පසුවූ ඒ මහතා කලල

SPONSORED


 මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සමුපකාර කොමසාරිස් සුනිල් සෙනෙවිරත්න මහතා හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයන විට 78 වන වියේ පසුවූ ඒ මහතා කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පසුගිය නොවැම්බර් 11 වැනිදා රාත්‍රී කාලයේදී මෙම මරණය සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සනාථ කරයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ, අදාළ සැකකරු බන්ධනාගාරය තුළදී හදිසි අසනීප තත්ත්වයකට ගොදුරුවීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. 

කෙසේ වෙතත්, ඔහු පෙළුණු හදිසි රෝගී තත්ත්වය කවරේද යන්න හෝ මරණයට හේතුවූ නිශ්චිත කරුණු පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





Former Prisons Commissioner Dies in Custody Due to Sudden Illness

Sunil Senavirathna, a former Commissioner of Prisons who was being held in connection with financial fraud allegations, has reportedly passed away due to a sudden health crisis while in custody at the Colombo Magazine Prison. He was 78 years old at the time of his death.

Senavirathna, a resident of the Kalalgoda area, is believed to have died on the night of November 11, as confirmed by the Prison Department.

The department's spokesperson, Commissioner General of Prisons Senaka Palletan, stated that the suspect succumbed after experiencing an unexpected medical emergency within the prison premises.

Details regarding the nature of the illness that led to his demise have yet to be disclosed. A post-mortem examination report is expected to be submitted to the courts for further clarification on the circumstances surrounding his death.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පුවත ගැන ඔබගේ ප්‍රතිචාරය දක්වන්න
SPONSORED