බිත්තරය 50 කිට්ටු කරයිලු..
දෙසැම්බර් මාසය වන විට බිත්තර මිල රුපියල් හතළිහත්, හතළිස් පහත් අතර මිලක් දක්වා වැඩිවනු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය. ගෙවුණු මාස කිහිපයේදී බිත්තර නිෂ්පාදනය සඳහා වන අමුද්‍රව්‍ය මිල සියයට විස්සක
දෙසැම්බර් මාසය වන විට බිත්තර මිල රුපියල් හතළිහත්, හතළිස් පහත් අතර මිලක් දක්වා වැඩිවනු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.
ගෙවුණු මාස කිහිපයේදී බිත්තර නිෂ්පාදනය සඳහා වන අමුද්‍රව්‍ය මිල සියයට විස්සකින් පමණ ඉහළ යාම හේතුවෙන් බිත්තර මිල ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ බව හෙතෙම කීවේය.
වර්තමානය වන විට බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 32 – 34 අතර මිලක් වන අතර ගොවිපොළ මිල රුපියල් 35ක් වූ බවත් වෙළෙඳපොළ මිල රුපියල් 40ක් වූ බවත් අජිත් ගුණසේකර පැවසීය.
නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් පාඩුව පියවා ගැනීමට ගොවිපොළ හිමිකරුවන් බිත්තර දමන කිකිළියන් මස් සඳහා අලෙවි කිරීමට පෙලඹීමත් සමග බිත්තර මිල තවත් ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.
දෙසැම්බර් මාසය වන විට සංචාරක හෝටල්වලින් බිත්තර ඉල්ලුම වැඩි වීමත් සමග වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් ලබා දිය නොහැකි වීමද බිත්තර මිල ඉහළ යාමට බලපානු ඇතැයි ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසීය.
සහන මිලට ජනතාවට බිත්තර ලබා දීම සඳහා රජයෙන් අය කෙරෙන බදු මුදල් කපා හරින ලෙස ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලා සිටියි. බිත්තරයක් වෙනුවෙන් රුපියල් 9 ත් 11ත් අතර බදු මුදලක් අය කරන අතර කුකුළු මස් සහ බිත්තර මිලෙන් සියයට විසිපහක් බදු ලෙස අය කරගන්නා බව එම සංගමය පෙන්වා දෙයි.
ජනතාවට පහසුවෙන් ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාගත හැකි බිත්තර සහ කුකුළුමස් වැනි ආහාර සඳහා බදු මුදල් අය නොකරන ලෙස එම සංගමය ඉල්ලා සිටියි.
අනීෂා මානගේ
Egg Prices Expected to Surge by December, Warns Livestock Producers' Association
As December approaches, the price of eggs in Sri Lanka is projected to soar between Rs. 47 and Rs. 50, according to Ajith Gunasekara, the President of the Sri Lanka Livestock Producers' Association. This significant hike is attributed to a 20% increase in the cost of raw materials essential for egg production over the past few months.
Currently, the production cost of eggs stands between Rs. 32 and Rs. 34, with farm prices at Rs. 35 and market prices reaching Rs. 40, Gunasekara revealed. He cautioned that the rising production costs are pushing farmers to consider selling their eggs as chicken meat instead, further heightening the risk of egg price escalation.
The anticipated surge in demand from tourism-related hotels during December is likely to exacerbate the situation, as current production levels may not meet market needs. Gunasekara emphasized this discrepancy in supply as a contributing factor to the potential price increase.
In light of these challenges, the Livestock Producers' Association is calling on the government to eliminate taxes currently levied on eggs. Currently, taxes ranging from Rs. 9 to Rs. 11 are imposed per egg, while a 25% tax is charged on chicken meat and eggs alike, highlighting a pressing need for adjustments to ease the burden on consumers.
To ensure that the public has access to affordable sources of protein like eggs and chicken, the association is advocating for tax exemptions on these essential food items.
Report by Anisha Manage
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
